ඔබට භාෂණ පරිවර්තකයෙකු අවශ්‍ය නම්, 131 450 ඔස්සේ පරිවර්තන හා භාෂණ පරිවර්තන සේවාව අමතන්න.
ඔබ එන්නත්කරණය විය යුත්තේ ඇයි?
කෝවිඩ්-19 මගින් පුද්ගලයන් බැරෑරූම් ලෙස අසනීප වීමට එරෙහිව එන්නත්කරණය මගින් ඵලදායී ආරක්ෂාවක් සලසයි. වයිරසයට එරෙහිව උපරිම ආරක්ෂාව ලැබෙන බව තහවුරු කර ගැනීමට ඔබ විසින් එන්නත් සම්බන්ධයෙන් යාවත්කාලීනව සිටීම වැදගත් වේ.
එන්නත්කරණය සිදු කරන්නේ කෙසේද?
පහත දැක්වෙන ස්ථානවලින් එන්නත් ලබා ගත හැකිය:
- වෛද්‍ය සායන
- වෛද්‍ය ශ්වසන
- ෆාමසි
- ප්‍රජා සෞඛ්‍ය සේවා
ඔබට කලින් සිට පවතින රෝගී තත්ත්වයන් වේ නම් හා ඔබ විසින් මාත්‍රා කීයක් ලබා ගත යුතු දැයි අවිනිශ්චිත නම් ඔබේ වෛද්‍යවරයා සමග කතා කරන්න.
එන්නත් නොමිලේ සැපයෙන අතර, එන්නත්කරණය වීමට ඔබට මෙඩිකෙයා කාඩ්පතක් අවශ්‍ය නොවේ.
එන්නත ලබා ගත හැක්කේ කාටද
අවුරුදු 5 වැඩි සියලු දෙනා එන්නත ලබා ගැනීමට සුදුසුකම් ලබති. පහත දැක්වෙන අවස්ථාවල දී මාස 6 සිට අවුරුදු 5 ට අඩු දරුවෝ එන්තත ලබා ගැනීමට සුදුසුකම් ලබති.
- ප්‍රතිශක්තිකරණ ශක්තිය හීන වීම
- අබාධිතතාවක් තිබීම
- විවිධාකාර සෞඛ්‍ය තත්ත්වයන් ගණනාවක් තිබීම.
ඔමික්‍රෝන් ප්‍රභේදය ඉලක්ක කර ගත් ද්විසංයුජ එන්නතක් අවුරුදු 18 හා ඊට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නතක් සේ ලබා ගත හැකිය.
ඔබට හා ඔබේ දරුවාට මාත්‍රා කීයක් හා කුමන එන්නත ලබා ගත යුතුදැයි යන්න සම්බන්ධයෙන් වෛද්‍යවරයකු සමග කතා කරන්න. වැඩි දුර විස්තර සඳහා එන්නත්කරණය වෙත යන්න.
ඔබේ එන්නත්කරණයෙන් පසු
එන්නත්කරණයෙන් පසු එන්නත්කළ ස්ථානයේ වේදනාව, තෙහෙට්ටුව, මාංශ පේශී වේදනා, උණ හෝ ඇඟ සීතල වීම හෝ හන්දිපත් වේදනාව වැනි අතුරු ආබාධ ඇති විය හැකිය. මෙම අතුරු ආබාධ සාමාන්‍ය වන අතර, එන්නත ක්‍රියාත්මක වන බවට ලක්ෂණයකි. ඒවා සාමාන්‍යයෙන් සුළු වන අතර දිනකින් හෝ දෙකකින් පහව යයි.
බැරෑරුම් රෝග ලක්ෂණ ඉතා විරලය. දින කිහිපයකින් පසු අතුරු ආබාධ පහව ගොස් නැත්නම් හෝ ඔබ සිත්තැවුලෙන් පසුවේ නම් ඔබේ වෛද්‍යවරයා අමතන්න.
කෝවිඩ්-19 එන්නත් ගැන
සියලු එන්නත් ඔස්ට්‍රේලියාවේ භාවිත කිරීමට පෙර ඔස්ට්‍රේලියානු සායනික ද්‍රව්‍ය දැඩි ආරක්ෂිත ප්‍රමිතීන් සමත්විය යුතුය ඒවා සුදුසුකම් ලත් සෞඛ්‍ය වෘත්තිකයන් විසින් ලබා දීම සිදු වේ.
ඔස්ට්‍රේලියාවේ අනුමත වූ එන්නත් 4 ක් භාවිතයේ පවතියි.
- Pfizer
- Moderna
- Novavax
- AstraZeneca
පුද්ගලයන්ට සිය වයස හා සෞඛ්‍ය තත්ත්වය මත පදනම් වෙමින් විවිධ වූ එන්නත් ලබා ගත හැකිය. ඔබට සුදුසු කුමන එන්නත දැයි සොයා ගැනීමට වෛද්‍යවරයකු සමග කතා කරන්න.
වැඩිදුර විස්තර
එන්නත්කකරණ සායන භාවිත කර ඔබේ ඊළඟ මාත්‍රාව වෛද්‍ය සායනයක දී හෝ ඔබ ප්‍රදේශයේ ෆාමසියෙන් වෙන් කරවා ගන්න. වැඩිදුර විස්තර සඳහා 1800 020 080 ඔස්සේ ජාතික කොරෝනා වයිරස් උපකාර අංකය අමතන්න.
Reviewed 12 December 2022