Victoria government logo
coronavirus.vic.gov.au

සෞඛ්‍ය උපදෙස් සහ සීමා කිරීම් (Health advice and restrictions) - සිංහල (Sinhalese)

කෝවිඩ්-19ට එරෙහිව ආරක්ෂා වීම හා එය කළමනාකරණය කිරීම පිළිබඳ උපදෙස්.

ඔබට භාෂණ පරිවර්තකයෙකු අවශ්‍ය නම්, 131 450 ඔස්සේ පරිවර්තන හා භාෂණ පරිවර්තන සේවාව අමතන්න.

කෝවිඩ්-19 න් ඔබ හා අනෙක් අය ආරක්ෂා කර ගන්න.

කෝවිඩ්-19 තවමත් ප්‍රජාව තුළ සංසරණය වෙමින් පවතියි. එමගින් තව දුරටත් සමහර දෙනා බැරෑරුම් ලෙස අසනීප කරවිය හැකිය. ඔබ ආරක්ෂා වී සිටීම අනෙක් අය ආරක්ෂිතව තබා ගැනීමට ඇති හොඳම මාර්ගයයි. ඔබට කෝවිඩ්-19 නොවැළඳුනොත් ඔබෙන් එය බෝවීමක් සිදු නොවනු ඇත.

පරීක්ෂා කර ගන්න

පහත දැක්වෙන තත්ත්වයන් ඇත්නම් නිවසේ රැඳෙමින් කඩිනම් ඇන්ටිජන් (RAT) පරීක්ෂාවක් සිදු කරන්න.

  • නාසයෙන් දියර ගැලීම, උගුරේ වේදනාව, කැස්ස, උණ හෝ ඇඟ සීතල කරවීම
  • ඔබ කෝවිඩ්-19 වැළඳුනු අයෙකුගේ ආශ්‍රිතයෙකු නම්.

ඔබේ පරීක්ෂාව නිෂේධාත්මක නම්, ඊළඟ දින කිහිපයේ දී ද කඩිනම් ඇන්ටිජන් පරීක්ෂාවන් සිදු කරමින් ඔබේ රෝග ලක්ෂණ පහව යන තුරු නිවසේ රැඳී සිටිය යුතුය.

කඩිනම් ඇන්ටිජන් පරීක්ෂාවක් මගින් ඔබ ආසාදිත බව තහවුරු වුවහොත්, එම ප්‍රතිඵලය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට දැනුම් දීම සිදු කළ යුතුය. ඔබට මාර්ගගතවExternal Link හෝ 1800 675 398 ඇමතීමෙන් ඔබේ ප්‍රතිඵලය වාර්තා කළ හැකිය. ඔබ විසින් ප්‍රතිඵලය වාර්තා කරනු ලැබුවහොත් ඔබට නොමිලේ සැපයෙන වෛද්‍ය රැකවරණ හා කෝවිඩ් ඖෂධ ලබා ගත හැකිය.

කෝවිඩ්-19 නිසා ඔබ ‌බැරෑරුම් ලෙස අසනීප වීමට ඉඩ ඇත්නම්, වෛද්‍යවරයාගෙන් PCR පරීක්ෂාවක් ඉල්ලා සිටින්න. PCR පරීක්ෂාවකින් ඔබ ආසාදිත බව තහවුරු වුවහොත් ඔබේ ප්‍රතිඵලය වාර්තා කළ යුතු නොවේ.

වැඩිදුර විස්තර සඳහා කෝවිඩ්-19 පරීක්ෂාවක් සිදු කිිරීමExternal Link වෙත යන්න.

ඔබේ සෞඛ්‍ය ගැන අවදානමින් සිටින්න.

ඔබට කෝවිඩ්-19 ආසාදිත බව තහවුරු වුවහොත් විවේක ගනිමින් ඔබේ වෛද්‍යවරයා ඇමතිය යුතුය. බොහෝ දෙනෙකුගේ රෝග ලක්ෂණ සුළු වන අතර නිවසේ රැඳෙමින් සුවය ලැබිය හැකිය. ඔබ විසින් පහත දැක්වෙන දේ කළ යුතුය:

  • දින 5ක් වත් පසුවන තෙක් නිවසේ රැඳී සිටිිිින්න. රැකියාවට හෝ පාසලට නොයන්න. රෝහල්, වැඩිහිටි රැකවරණ පහසුකම් හා ආබාධිත සේවා පහසුකම්වලට යෑමෙන් වලකින්න.
  • හදිසි අවස්ථාවක නිවසින් බැහැර වීමට අවශ්‍ය නම් මුහුණු ආවරණයක් පළඳින්න. හොඳම මුහුණු ආවරණ වනුයේ ශෛල්‍ය හෝ N95 මුහුණු ආවරණයන්ය.
  • මෑතක දී ඔබට මුණගැසුනු පුද්ගලයන්ට හා ඔබ ගිය ස්ථානවලට ඔබට කෝවිඩ්-19 වැළඳී ඇති බව දන්වන්න.

ඔබේ රෝග ලක්ෂණ බැරෑරුම් වුවහොත් ඔබ විසින් වෛද්‍යවරයා හෝ ශ්වසන සායනයක්External Link ඇමතිය යුතුය.

ඔබට 1800 020 080 ඔස්සේ ජාතික කොරෝනා වයිරස් උපකාර අංකයExternal Link ඇමතීම ද කළ හැකිය.

ඔබ‌ට වෛද්‍යවරයකු ඇමතිය නොහැකි නම් කඩිනම් සත්කාර සඳහා වික්ටෝරියානු තත්‍ය (වර්චුවල්) හදිසි ඇමතුම් දෙපාර්තමේන්තුවExternal Link ඇමතිය හැකිය.

හදිසි අවස්ථාවන් සඳහා බිංදු තුන (000) අමතන්න.

දින 10ක් යන තෙක් ඔබගෙන් අනෙක් අයට රෝගය බෝවීම සිදු විය හැකිය. නාසයෙන් දියර ගැලීම, උගුරේ වේදනාව, කැස්ස, උණ, ඇඟ සීතල කරවීම, දහඩිය ගැලීම හෝ හුස්ම ගැනීමේ අපහසුතා ඇත්නම් ඔබ නිවසේ රැඳී සිටිය යුතුය. කිසියම් අවිනිශ්චිත බවක් ඇත්නම් කඩිනම් ඇන්ටිජන් පරීක්ෂාවක් සිදු කරන්න නැත්නම් ඔබේ වෛද්‍යවරයා අමතන්න.

උපකාර

වැඩිදුර විස්තර සඳහා:

යමෙකු සමග කතාබස් කිරීම සඳහා:

කෝවිඩ් ඖෂධ ගැන අසා දැනගන්න..

කෝවිඩ් ඖෂධ මගින් ජීවිත ආරක්ෂා කරන අතර කෝවිඩ් -19 නිසා පුද්ගලයන් බැරෑරුම් ලෙස අසනීප වීම වලක්වයි. ඒවා හොඳින් ක්‍රියාත්මක වීම සඳහා හැකි ඉක්මනින් හා අසනීප වී දින 5ක් ඇතුළත ලබා ගැනීම සිදු කළ යුතුය.

ඔබ කෝවිඩ්-19 ඖෂධ සඳහා සුදුසුකම් ලබන්නේදැයි දැන ගැනීමට පහත දැක්වෙන ප්‍රශ්නExternal Link ගැන සලකා බලන්න. ඔබ සුදුසුකම් ලබන බව සිතන්නේ නම්, වෛද්‍යවරයකු සමග කතා කරන්න. සුදුසුකම් සහිත පුද්ගලයන්ට කඩිනමින් ප්‍රතිකාර ලැබෙන බව වෛද්‍යවරුන්ට තහවුරු කර ගත හැකිය.

වැඩිදුර විස්තර සඳහා ප්‍රතිවයිරස හා වෙනත් ඖෂධExternal Link බලන්න.

මුහුණු අවරණයක් පළඳින්න.

මුහුණු ආවරණ මගින් කෝවිඩ් -19 වැළඳීම හා පැතිරීම වලක්වයි. මුහුණු ආවරණ හොඳ තත්ත්වයේ විය යුතු අතර, මුහුණට මනාව තද විය යුතුය. N95 හා P2 මුහුණු ආවරණ (ශ්වසනය කිරීමට පහසුව සලසන ආවරණ)මගින් ඉහළම ආරක්ෂාවක් ලබා දෙයි.

පහත දැක්වෙන අවස්ථාවල දී ඔබ විසින් මුහුණු ආවරණයක් පැළඳිය යුතුය:

  • පොදු ප්‍රවාහන සේවාවල දී, පොදු ස්ථාන ඇතුළත දී හා සෙනග බහුල එළිමහන් ස්ථානවල දී
  • ඔබට කෝවිඩ්-19 වැළඳී ඇතත් නිවසින් බැහැර වීම සිදු වන අවස්ථාවල දී
  • ඔබ හෝ වෙනත් අයෙකු බැරෑරුම් ලෙස අසනීප වීමේ අවදානමක් ඇති අවස්ථාවල දී

අවුරුදු 2 හෝ ඊට වඩා අඩු දරුවන් මුහුණු ආවරණ නොපැළඳීය යුතු අතර එය හුස්ම හිර කිරීමේ අවදානමක් ඇති කළ හැකිය.

වැඩිදුර විස්තර සඳහා බලන්න මුහුණු ආවරණExternal Link .

ඔබේ ඊළඟ එන්නත් මාත්‍රාව ලබා ගන්න.

කෝවිඩ් -19 නිසා ඔබ හා පවුලේ අය බැරෑරුම් ලෙස අසනීප වීමට ‌එරෙහිව එන්නත් මගින් මනා ආරක්ෂාවක් සපයයි. ඔබට නිර්දේශ කර ඇති එන්නත් සම්බන්ධයෙන් ඔබ යාවත්කාලීන විය යුතුය. මාත්‍රා කීයක් නිර්දේශ කර ඇත්දැයි සොයා ගැනීමට වෛද්‍යවරයෙක් සමග කතා කරන්න.

ඔබ‌ට කෝවිඩ්-19 වැළඳී තිබුණත් ඔබ විසින් එන්නත්කරණය සිදු කළ යුතුය. වෛද්‍ය සායනයේ දී හෝ ප්‍රාදේශීය ෆාමසියේ දී මීළඟ මාත්‍රාව වෙන්කර ගැනීම සඳහා එන්නත්කරණ සායනය සෙවීමExternal Link භාවිත කරන්න.

වැඩිදුර විස්තරසඳහා COVID-19 එන්නත්External Link බලන්න.

නැවුම් වාතය ඇතුළු වීමට ඉඩකඩ සළසන්න

කෝවිඩ්-19 වාතය තුළ පැතිරීම සිදු වේ. ගෘහස්ථ ස්ථානයනට නැවුම් වාතය ඇතුළු වීමට ඉඩ සළසා දීම මගින් ‌කෝවිඩ්-19 පැතිරීමේ අවදානම අඩු කර ගත හැකිය. අනෙක් අය සමග ගෘහස්ථව එක්රැස්වන විට හැකි අවස්ථාවල දී ජනෙල් හා දොරවල් විවෘත කර තබන්න. එසේ කළ නොහැකි නම්, ඔබට තැනින් තැනට ගෙන යා හැකි වාතයේ ඇති අණු ඉවත්කරන වායු පිරිසිදුකරණයක් (HEPA filter) භාවිත කළ හැකිය.

වැඩිදුර විස්තර සඳහා බලන්න වායුසංසරණයExternal Link .

කෝවිඩ්-19න් සුවය ලැබීම

කෝවිඩ්-19 තව දුරටත් බෝ නොවන අවස්ථාවල දී පවා බොහෝ දෙනෙකුට අසනීපගතියක් දැනීමට ඉඩ ඇත. නිසියාකාරව සුවය ලැබීමට අවශ්‍ය කාලය හා රැකවරණය ඔබේ සිරුරට ලබා දෙන්න.

ආසාදනය වීමෙන් අනතුරුව ඔබේ මීළඟ එන්නත් මාත්‍රාව ලබා ගැනීමට පෙර ඔබ මාස 3ක් බලා සිටිය යුතුය. මෙමගින් ඔබට කෝවිඩ්-19ට එරෙහිව හොඳම ආරක්ෂාව ලැබෙන බව තහවුරු කරයි.

ඔබ සුවය ලබා සති 4ක් තරම් ඉක්මනික් ඔබට නැවත කෝවිඩ්-19 වැළිය හැකිය. ආසාදනය වී සති 4 කට පසුවත් ඔබට රෝග ලක්ෂණ පවතී නම් ඔබ විසින් පරීක්ෂාවක් කර ගත යුතුය.

දීර්ඝ කෝවිඩ් යනු කෝවිඩ්-19 රෝග ලක්ෂණ මාස 3කට වඩා වැඩි කාලයක් පවතින අවස්ථාවකි. ඔබ විසින් ඔබේ රෝග ලක්ෂණ කළමනාකරණය කිරීම සඳහා වෛද්‍යවරයා හමු වීම හෝ විශේෂඥ වෛද්‍යවරයකු අවශ්‍ය නම් එයට යොමු කිරීමක් ලබා ගැනීම කළ යුතුය.

වැඩිදුර විස්තර සඳහා බලන්න දීර්ඝ කෝවිඩ්External Link .

ඔබ ආශ්‍රිතයෙකු නම්

ආසාදිත බව තහවුරු වූ අයෙකු සමහ ඔබ එකට වාසය කරන්නේ නම් හෝ සමීපව ඇසුරු කරන්නේ නම් ඔබට කෝවිඩ් -19 වැළඳීමේ අවදානමක් පවතියි.

ආසාදිත බව තහවුරුවූ අයෙකු සමග ඇසුරු කිරීමෙන් අනතුරුව ඔබ විසින් නිරන්තරයෙන් රෝග ලක්ෂණ නිරීක්ෂණ කළ යුතු අතර දින 7ක් යන තෙක් පරීක්ෂාවන් සිදු කිරීම කළ යුතුය. මෙම කාල සීමාවේ දී, පහත දැක්වෙන දේ නිර්දේශ කෙරේ:

  • රෝහල්, වැඩිහිටි රැකවරණ පහසුකම් හා අබාධිත සේවා පහසුකම්වලට යෑමෙන් වලකින්න.
  • නිවසින් බැහැර වන විට මුහුණු ආවරණයක් පළඳින්න. පොදු ප්‍රවාහන සේවා මෙන් ම රැකියා ස්ථාන, පාසල් වැනි ගෘහස්ථ අවකාශවල දී
  • හැකි අවස්ථාවල ජනෙල් විවෘත කිරිම මගින් ගෘහස්ථ අවකාශයන්ට නැවුම් වාතය ලැබීමට ඉඩ සළසන්න

වැඩිදුර විස්තර සඳහා ආශ්‍රිතයිින් සඳහා වන පිරික්සුම් ලැයිස්තුවExternal Link .

Reviewed 12 December 2022

Coronavirus Hotline

Call the Coronavirus Hotline if you need help to report a rapid antigen test (RAT) or if you have any questions about COVID-19.

The Victorian Coronavirus Hotline diverts to the National Coronavirus Helpline every night between 4pm and 9am.

Please keep Triple Zero (000) for emergencies only.

Was this page helpful?